මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට හැර වෙනත් පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබා දී ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
ඇමැතිවරයා මෙසේද සඳහන් කෙළේය.
ඒ පිළිබඳව වාර්තාවක් කැඳවා තිබෙනවා. එය සමාලෝචනය කර අඩු කළ හැකි තැන්වලින් අඩු කිරීමටත්, ඉවත් කළ හැකි තැන්වලින් ඉවත් කිරීමටත් පියවර ගන්නවා.
මේ සම්බන්ධයෙන් මාසයකට සැරයක් සමාලෝචනය කරන්න අමාරුයි. බලපත්‍රවලට අනුව නිකුත් කරපුවා. ඒ ධුර කාලයට පස්සෙත් තියාගන්නවද කියන ප්‍රශ්නය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඇසිය යුතු දෙයක්. මොකද බලපත්‍ර නිකුත් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය. බලපත්‍රයක් සමඟ නිකුත් කරපු අවියක් යම් කිසි ක්‍රියාදාමයකට යෙදෙව්වා කියලා වාර්තා වෙලා නැහැ.