පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ හොත් කාගෙ කාගෙත් ජන මතය බලා ගැනීමට හැකිව තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවැසීය.
සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේය.
තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
ජන මතය බලා ගන්න නම් මැතිවරණයක් වහාම තියන්න කියලා සමඟි ජන බලවේගය විදියට අභියෝග කරනවා. එහෙත් එය අනීතික ලෙස කල් දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.
ජනාධිපතිවරණය තැබීමට නීතිමය බාධාවක් තිබේ නම් එහි නීතිය වෙනස් කර හෝ පැවැත්වීමට අවශ්‍ය සහාය ලබා දෙන්න අපි සූදානම්.