දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසිඅටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එම තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කථානායකවරයා මෙසේ ද පැවසීය.
කෙසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දක්වා ඇති සංශෝධන සිදු කළහොත් මෙම අනනුකූලතාවන් නතර වෙනවා. එම සංශෝධනයන්ට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇත්තේ පනත් කෙටුම්පතේ 8(3), 136, 141, 142 සහ 156 වගන්ති සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර ඇති සංශෝධන මඟින් පෙත්සම්කරුවන් අවධාරණය කර ඇති කරුණු විසඳිය හැකියි යනුවෙනි.
ව්‍යවස්ථාවට පටහැණි වන්නේ 1, 2(1)(එෆ්), 2(2), 3(2), 4(1)(ඒ), 4(1)(බි), 4(3), 17(1), 21, 31 (2), 163(2)(එච්), 40, 48(3), 49(1)(එෆ්), 50(1)(ඒ), 53(1), 62(1), 65, 67(5 ), 71(6) හා (8), 80, 93, 99, 101, 112, 149 සහ 162 යන වගන්ති වේ.
“දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මතු සඳහන් පරිදි වේ.
වගන්ති 1, 2(1)(f), 2(2), 3(2), 4(1)(a), 4(1)(b), 4(3), 17(1), 21, 31 (2), 163(2)(h), 40, 48(3), 49(1)(f), 50(1)(a), 53(1), 62(1), 65, 67(5 ), 71(6) හා (8), 80, 93, 99, 101, 112, 149 සහ 162 පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වේ.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවයන් නතර වෙනවා.
එම සංශෝධනයන්ට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇත්තේ පනත් කෙටුම්පතේ 8(3), 136, 141, 142 සහ 156 වගන්ති සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර ඇති සංශෝධන මඟින් පෙත්සම්කරුවන් අවධාරණය කර ඇති කරුණු ද විසඳිය හැක.