Home Local News Room : ගම්පොළ සුළු භූ කම්පනයක් – මව්බිම

News Room : ගම්පොළ සුළු භූ කම්පනයක් – මව්බිම

1
0

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (ජූනි 5) රාත්‍රියේ භූ කම්පනයක් සිදුවී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ ඊයේ රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුවී ඇති බව ය.

රික්ටර් මාපක 2ක පමණ සුළු භූ කම්පනයක් මෙලෙස සිදු වී ඇති අතර එය මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන කම්පන මාපකවල සටහන් වී ඇත.

භූ කම්පනයේ කේන්ද්‍රය ලෙස පුපුරැස්ස සහ දෙල්තොට යන ප්‍රදේශ හඳුනා ගෙන ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here