රට තුළ ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති කිරීමේ කුමන්ත්‍රණ ලත් තැනම ලොප් කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පැවැසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා (20) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
යුද්ධය අවසන් වී දීර්ඝ කාලයක් ගත වුවත් මේ වන විට ආර්ථිකය කඩා වැටී ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වි තිබෙන බව ද කී මන්ත්‍රීවරයා ජාතික සමගිය ඇති කිරීම, ආර්ථිකය ගොඩ නැඟීම වෙනුවට නැවත ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන විවිධ කටයුතු මෙරට සිදු කෙරෙන බව ද කීය. ජෙෙරාම් ප්‍රනාන්දු නමැති පුද්ගලයෙක් බුදු දහමට අපහාස වන ප්‍රකාශ සිදුකිරීම නැවත ජාතිවාදය. ආගම්වාදය අවුස්සන තත්ත්වයක් බව ද සඳහන් කළේය.





