Home Politics News Room : තීරණාත්මක විසඳුම් දෙන දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍යයි මන්ත්‍රී චමින්ද විජේසිරි

News Room : තීරණාත්මක විසඳුම් දෙන දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍යයි මන්ත්‍රී චමින්ද විජේසිරි

7
0

දේශපාලන වශයෙන් තීරණාත්මක විසඳුම් දෙන වැඩපිළිවෙළක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වෙලා එයින් සිදු වූ පාරිසරික හානියට මේ රටේ ජනතාවට වන්දි නොලැබුණාට, මේ වෙනුවෙන් පෙනී හිටින වෙනත් පුද්ගලයන් අත යට ගනුදෙනුවලින් කොමිස් ගහලා, ඒවා වෙනත් ගිණුම්වලට දාලා තිබුණා.

ඒ සියලු දේවල් මේ වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයා දන්නවා. ඔහු කියන විදිහට ඒ සියලු දේ දැනගෙන අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගෙන රටේ ආර්ථිකය හදනවා කියන කාරණය රටේ ජනතාවට කියනවා.

හොරු ඉන්නවා. හැබැයි රටේ ජනතාව හිතනවා, මේ රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් ජගතා අහවලා කියන කාරණය. ඒ නිසා රටේ ජනතාවට අපි කියනවා, මේ සුපුරුදු හොරකම් ටික නැවත වතාවක් සිද්ධ වෙමින් මේ රට බංකොලොත් වෙන බව තමයි ලෝක බැංකු වාර්තා අනුව කියන්නේ කියලා. ඒ නිසා අපි කියනවා, දේශපාලන වශයෙන් දැන් මේ රටේ තීරණාත්මක විසඳුම දෙන වැඩපිළිවෙළ හදාගන්න.

ඔබ හොරු අල්ලන්නෙත් නෑ. මොකද හොරු ඉන්නේ ඔබත් එක්ක. ඒ සුපුරුදු හොරකම් ටික තවමත් කරනවා. ඒ හරහා රට බංකොලොත් වෙලා. ජනතාව දුක් විඳිනවා. එහෙනම් මොකක්ද මේකට පිළියම. හොරුන්ට දඬුවම් දෙන්නේ නැත්නම් ඒ වැඩපිළිවෙළ ජනාධිපතිවරයා නිර්මාණය කළ යුතු නැද්ද.

පුරවැසියා සහ පාලකයන් හිතනවා, වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුද සියල්ල විසඳී රට සුඛිත මුදිත වෙලා ජනතාවට යහපත් කලදසාවක් නිර්මාණය වීම සහ නිර්මාණය කිරීමට වර්තමාන ආණ්ඩුව සහ පාලකයන් දක්ෂ වෙලා කියන කාරණය. රටේ ජනතාව එහෙම හිතෙන එක යම් විටෙක සාධාරණයි. මොකද ඔවුන් අසරණයි.”

 

රක්ෂණ ශ්‍රියන්ත

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here