ධීවර ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්
මේ වසරේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක ඉදිකිරීමට යෝජිත නිවාස 600 ව්‍යාපෘතියට තෝරා ගන්නා නිවාසලාභීන්ගේ නාම ලේඛන ප්‍රසිද්ධ කරන ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
නිවාස නොමැති පුද්ගලයන්ට මේ ව්‍යාපෘතියෙන් ඉතා සාධාරණව නිවාස බෙදා දීමට කටයුතු කළ යුතු බව ද ඇමැතිවරයා නිලධාරීන් දැනුම්වත් කර ඇත.
මෙහිදී අදාළ ව්‍යාපෘතිය පිළිබඳව ඇමැතිවරයාට කරුණු පැහැදිලි කරමින් යාපනය දිස්ත්‍රික් අතිරේක දිසාපති මුරලිදරන් මහතා මෙලෙස පෙන්වා දුන්නේය.
“ලක්ෂ දහයේ නිවාස ව්‍යාපෘති යටතේ මේ වසරේ යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 379ක් සහ ලක්ෂ හයේ ව්‍යාපෘති යටතේ නිවාස 221ක් ඉදිකිරීමට නියමිතයි. අනාථ කඳවුරුවල සිටින පුද්ගලයන් ද, බරපතළ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් හා ස්වාමිපුරුෂයන් නොමැති අයට ද මේ ව්‍යාපෘතියෙන් සෘජුවම නිවාස ලබාදීමට පියවර ගන්නවා.
මේ ප්රතිලාභ සෘජුව ලැබිය යුතු පුද්ගලයන් වෙත දීමට රජයේ නිලධාරීන් පියවර ගත යුතුයි. එසේ නොවී තම පුද්ගලික හිතවත්කම් මත ප්රතිලාභ දීමට යෑමෙන් රජය අපේක්ෂා කරන අරමුණුවලට ළඟා විය නොහැකියි.”
බුද්ධිකා ඉඹුලාන