Home Local News Room : වෙසක් සැමරුම් වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

News Room : වෙසක් සැමරුම් වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

0
0

වෙසක් සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව රථ වාහන ගාල් කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධාලෝක වෙසක් කලාපය, බුද්ධ රශ්මි වෙසක් කලාපය ඇතුළු තව ත් විවිධ වෙසක් උත්සව සැමරුම් පැවැත්වීමට අදාළව මෙම රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනු ඇත.

එම රථ වාහන සැලැස්මට වෙසක් කලාපවලට පැමිණෙන මහ ජනතාවගේ පහසුව උදෙසා රථවාහන ගාල් කිරීම සඳහා නම් කර ඇති විශේෂ ස්ථාන කිහිපයක් පහතින් දැක් වේ.

මීට අමතරව, බෞද්ධාලෝක වෙසක් කලාපය වෙත පැමිණෙන රථ වාහන සංඛ්‍යාව අධික වූ විට කනත්ත වට රවුමෙන් පමණක් වාහන ඇතුළු කර තුම්මුල්ල හන්දියෙන් පිට කිරීමට කටයුතු කරන අතර තුම්මුල්ල හන්දිය දෙසින් රථ වාහන ඇතුළු කිරීම සිදු නොකරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here