Home Politics News Room : රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මස් කර විකිණීමේ ජාවාරම ගැන...

News Room : රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මස් කර විකිණීමේ ජාවාරම ගැන පරීක්ෂණයක් පවත්වනවාද -මන්ත්‍රී බුද්ධික පතිරණ

5
0

රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මස් කර විකුණන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ දැයි සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රශ්න කළේය.

සභාවේ කටයුතු ආරම්භයේදී මහින්ද අමරවීර ඇමැතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් බුද්ධික පතිරණ මහතා එසේ අසා සිටියේය.

සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයෙක් හඬ පටයක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙන බවත් මේක ඇතුළේ සතුන් මස් කර විකුණන බවට සඳහන්ව තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ඒක ඇතුළේ අයථා කටයුතු සිදු වෙනවා කියල හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරියත් ඊටම සමාන ප්‍රකාශයක් මීට කලින් කරලා තිබුණා. රිදියගම සෆාරි උද්‍යානය ගැන බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා. ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරනවාද?

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා-

අපි ඒ ගැන සොයා බලන්නම්.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා-

මේක මට අදාළ කාරණයක් නොවේ. වනජීවී ඇමැතිවරියට අයිති කාරණයක්. මම දන්න තරමින් ඇමැතිවරිය මේ සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියෙනවා. සිද්ධිය ගැන වාර්තාවක් ඇමැතිවරිය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here