Home Politics News Room : පොදු ජනාධිපති අපේක්ෂකයා රනිල් වුණොත් සහාය දෙනවා

News Room : පොදු ජනාධිපති අපේක්ෂකයා රනිල් වුණොත් සහාය දෙනවා

3
0

ඉදිරි ජනාධිපතිවරණයේදී තම කණ්ඩායමේ පොදු අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුවහොත් තම සහාය ඔහුට පළකරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය. පොහොට්ටුව ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශකර නොමැති බවද ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා අවධාරණය කළේය.

තමා පොහොට්ටුව හදන්න මුල් වූ පුද්ගලයකු යයිද ප්‍රකාශ කළ ඇමැතිවරයා පොහොට්ටුව ශක්තිමත් කර ජනාධිපතිවරයාට ශක්තියක් වන බවත් වත්මනේ රට ගොඩදාපු නායකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය හැකි බවත් පැවැසීය. එම නිසා කුමන දේශපාලන ප්‍රශ්න පැවැතියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදෙන බව ද ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සමඟ එකතුවන සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත්කර ජයග්‍රහණය කරන බව ද ඔහු තවදුරටත් පැවැසීය.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ (24) කොළඹ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here