Home Local News Room : රිලව් ගනුදෙනුවේ “ඇත්ත කතාව” බන්දුල ගුණවර්ධන පැහැදිලි කරයි

News Room : රිලව් ගනුදෙනුවේ “ඇත්ත කතාව” බන්දුල ගුණවර්ධන පැහැදිලි කරයි

2
0

මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 18) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ආනයනය සහ අපනයනය ක්‍රියාවලියේදී විවිධ පාර්ශව විසින් යෝජන ඉදිරිපත් කරනු ලබන අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට චීනයේ පෞද්ගලික සමාගමක් එරට සත්වෝද්‍යාන දහසකට පමණ අවශ්‍ය රිලවුන් ලබා ගත හැකි ද යන්න සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

ගුණවර්ධන මහතා කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා අදාළ පාර්ශව සමග කමිටුවක් පත් කර රිලවුන් අපනයනය කිරීම පිළිබඳව අධ්‍යයනය කරමින් යන බවට අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බව ය.

“කිසි ම රටක නිදහසේ සතුන් හුවමාරු කරන්නට බැහැ. අපිට වඩා දැඩි නීතිරීති පද්ධතියක් චීන රජයේ තිබෙනවා. මාධ්‍යවල ප්‍රකාශ කරන ආකාරයට ජීවී සතුන් පණ පිටින් එහෙම යවන ක්‍රමවේදයකට රජයවල් අනුමැතිය ලබා දෙන්නේ නැහැ.

ආණ්ඩු අතරේ එවැනි කිසිදු සාකච්ඡාවක් වෙලා නැහැ. පෞද්ගලික සමාගමක් එවැනි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ පිළිබඳව කමිටුවක් ලෙස සලකා බලාගෙන යන බව සඳහන් කළා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here