මෙම වසර තුළ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එළුවන් 70,000ක් ග්‍රාමීය අංශයේ රැකියා නොමැති මෙන් ම එළු පාලනයට කැමති තරුණ ප්‍රජාව අතර බෙදා දීමට පියවර ගනු ලබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ තිබෙන ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් ඇතුළු නිලධාරින් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවදී අමාත්‍යවරය රටේ එළු පාලනය සම්බන්ධව අදහස් පළ කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, මෙම වැඩපිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 150ක මුදලක් වැය කිරීමට යෝජිත බව ය.
රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ග්‍රාමීය අංශයේ සිටින අතර ඔවුන්ට අමතර ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ත් ඒ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් ලබා දීම හා එළු පාලනය සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා දීම මෙන්ම එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිල දී ගැනීම සඳහා (Buy Back) පුද්ගලික අංශයේ සහයෝගය සලසා දීමට ද නියමිත ය.
ඒ අනුව, මෙම වසර අවසන් වන විට එළුවන් 70,000ක් ලබා දෙන අතර 2024 වසරේදී එම ප්‍රමාණය තවදුරට ත් ඉහළ නංවනු ඇත.
එළු පාලනය සඳහා ඉඩකඩ ඇති දිස්ත්‍රික්ක කිහිපයක් පළමුවෙන් තෝරාගෙන එම දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව අතර පළමුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
රටේ කවර දිස්ත්‍රික්කයක වුව ද එළු පාලනය ඉතා හොඳින් සිදු කළ හැකි වන අතර මේ සඳහා සුදුසු එළු වර්ග කිහිපයක් දැනට හඳුනා ගෙන ඇත.
ඔවුන් නම් ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන වර්ගයන් වන අතර මෙම එළු විශේෂ මගින් වැඩි ආදායමක් උපයා ගත හැකි බව කෘෂි අංශ පෙන්වා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.






