Home Local News Room : රිලවුන් ලක්ෂයක් චීනයට පටවන්න ගත් තීරණය

News Room : රිලවුන් ලක්ෂයක් චීනයට පටවන්න ගත් තීරණය

2
0
Side view of monkey sitting on against tree in Sri Lanka forest on sunny day

රිලවුන්ගෙන් සිදු වන වගා හානි සඳහා පිළියම් යෙදීමට හා උන්ගේ ගහනය පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට පිටත් කොට හැරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කොට ඇත.

තම රටට එම සතුන් ලබා දෙන්නැයි චීනයෙන් කළ ඉල්ලීමකට අනුව ඇමැතිවරයා එම තීරණය ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවැසීය.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීනයෙන් මෙරටට පැමිණි නියෝජිත පිරිසක් ඊයේ (අප්‍රේල් 11) කෘෂිකර්ම ඇමැතිවරයා හමු වී සාකච්ඡා පවත්වා ඇත.

එම සතුන් එරට සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනය කිරීම සඳහා චීන බලධාරීන්  මේ ඉල්ලීම සිදු කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවැසීය.

චීන නියෝජිත පිරිස හා කෘෂිකර්ම අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හා වනජීවී දෙපාර්තමේන්තුවේ බලධාරීහු පිරිසක්ද එක්වූහ.

ඒ සම්බන්ධයෙන් වන නීිත්‍යනුකූල ක්‍රියාවලිය සකස් කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් ද පත් කොට ඇතැයි වාර්තා වේ.

පළමු අදියර යටතේ රිළව් ලක්ෂයක් චීනයේ සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දීමට සැලසුම් කොට ඇත.

ඒ සඳහා වන නීත්‍යනුකූල ක්‍රියාවලිය සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කිරීමට සැලසුම් කොට ඇත.

මෙරට රිළවුන් විදේශීය රටක් සඳහා ලබා දීමේදී පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා පත් කෙරෙන මේ කමිටුව සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව වහාම සැකසීමට ද මෙහිදී තීරණය වී තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සිදු කළ අධ්‍යයනයකට අනුව 2022 වසරේදී ජනවාරි සිට ජුනි දක්වා වසරේ පළමු  මාස හය තුළ වඳුරන්, රිළවුන් හා දඬුලේනුන් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බව අනාවරණය වී තිබේ.

වගා හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත හැකි විකල්ප පියවර සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ විවිධ විසඳුම් යෝජනා ඉදිරිපත් වුව ද ඒ කිසිවක් සාධනීය අයුරින් ක්‍රියාවට නංවා නොමැති බවට ගොවීහු චෝදනා කළහ.

එමෙන් ම වගා හානි කරන සතුන් මරා දැමීම සඳහා තමන්ට ගිනි අවි ලබා දෙන්නැයි ද ගොවීහු පිරිසක් කෘෂිකර්ම ඇමැතිවරයා හමුවේ ඉල්ලීම් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here