Home Local News Room : සිංහල – දෙමළ අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානමින්

News Room : සිංහල – දෙමළ අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානමින්

5
0

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ඇත්තේ තව දින එකක් පමණි.

කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුද, දේශපාලන බල පෙරලි හේතුවෙන් පසුගිය අවුරුදු තුනෙහිම ජනතාවට අලුත් අවුරුද්ද සමරන්න වුණේ ගැටලු රැසක් මැද්දේය.

ඒ නිසා මුළු මහත් සිංහල – දෙමළ ජනතාව මෙවර අලුත් අවුරුද්ද පිළිබඳ ඉමහත් බලාපොරොත්තු තබාගෙන සිටි.

හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් චිරාත් කාලයක සිට සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උත්සව ශ්‍රීයෙන් සැමරේ.

කෘෂිකර්මය මුල් කරගත් රටක් ලෙස මහ කන්නය අවසන්ව එහි අස්වැන්න ගෙට ගැනීමත් සමග මෙම අලුත් අවුරුදු චාරිත්‍ර බැඳී පැවතීම විශේෂත්වයකි.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමෙන් අලුත් අවුරුද්ද උදා වන අතර ඒ හා සබැඳුණු සිරිත් විරිත් අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික කලා මංගල්‍යයක් බවට පත් විය.

අවුරුදු චාරිත්‍ර අනුව පරණ අවුරුද් සඳහා ස්නානය යෙදී තිබුණේ ඊයේ (12) දිනටයි. 

14 වන සිකුරුදා එනම් හෙට උදෑසන 8.35 ට පුණ්‍ය කාලය උදාවන අතර මෙවර නව අවුරුදු උදාව යෙදී ඇත්තේ සිකුරාදා අපරභාග 2.59 ටයි.

ආහාර පිසීමේ නැකත අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 03.29 ට යෙදී තිබේ.

වැඩ ඇල්ලීම සහ ගණුදෙනු කිරීම ආහාර අනුබවය යෙදී ඇත්තේ හෙට අපරභාග 5.05 ටයි.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය 16 වැනි දාට යෙදී ඇති අතර රැකී රක්ෂා සඳහා පිටත්ව යාම 17 වැනි සඳුදා දිනට යෙදී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here