Home Politics News Room : නිදහස් මත පළ කිරීමේ අයිතිය අහුරන කිසිම පනතකට අපි...

News Room : නිදහස් මත පළ කිරීමේ අයිතිය අහුරන කිසිම පනතකට අපි එකඟ නෑ

4
0

ශ්‍රී.ල.පො.පෙ. මහ ලේකම් සාගර කාරියවසම්

ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කරන්නාවූ හෝ ඊට බාධා කරන්නා වූ කිසිදු පනතකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නොවන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

ප්‍රජාතන්ත්‍රවාදීව තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ජනතාව සතු අයිතියට කිසිදු ආකාරයකින් මඟ අහුරන්නාවූ ද, බාධා කරන්නාවූ ද කිසිදු නීතියකට හෝ පනතකට පක්ෂයක් ලෙස එකඟ නොවන බව පෙන්වාදෙන ඒ මහතා, ප්‍රතිත්‍රස්ත පනතේ ත්‍රස්තවාදී ක්‍රියාව නිර්වචන කිරීමේදී කිසියම් වූ සීමාවන් පැනවිය යුතුය යන අදහසේ දැඩිව සිටින බවත් කීය. අදාළ පනත සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති නම් එය නැවත සමාලෝචනය කොට පනතට අදාළ විද්වත් කමිටුවක් හරහා සොයා බලා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් පනතක් ගෙන ඒමට කටයුතු කරන්නැයි ද හෙතෙම ඉල්ලීමක් කළේය.

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here