Home Politics News Room : අරගලයෙන් හෙට ගැන බය වී වෘත්තිකයන් රට හැර ගියා

News Room : අරගලයෙන් හෙට ගැන බය වී වෘත්තිකයන් රට හැර ගියා

4
0

ප්‍රජාතන්ත්‍රීයව රට හදද්දී අරගලකරුවන් ඒකත් වනසනවා

ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල

දේශප්‍රේමීන් යැයි කියා ගන්නා සහෝදරවරු අරගලයට මුවා වී කළ මහා විනාශය හමුවේ හෙට දවස පිළිබඳ බියෙන් වෛද්‍යවරු ඇතුළු වෘත්තීයවේදීන් රට හැර යෑමට කටයුතු කිරීම අරුමයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

අරගලය නමින් ක්‍රියාත්මක වූ මහා විනාශකාරී වැඩපිළිවෙළ හේතුවෙන් රටට සිදු වූ විනාශය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිවැරදි කරන්නට කටයුතු කරද්දී අරගලයට නායකත්වය දුන් උදවිය එය ද කඩාකප්පල් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ යැයි ද ඒ මහතා කීය.

මහනුවර ගලහ ප්‍රදේශයේදී පෙරේදා (08) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටක වෘත්තියවේදීන් රට හැර යන විට එහි බලපෑම විවිධ ක්ෂේත්‍රවලට එල්ල වන බවත්, ස්ථිර විසඳුමකින් තොරව යුද්ධය ඉදිරියට ඇදෙමින් තිබූ සමයේ ද මෙලෙසින්ම වෘත්තියවේදීන් රට හැර ගිය නමුත් ඔවුන්ගෙන් බහුතරය යුද්ධයේ නිමාවත් සමඟ යළි මෙරටට පැමිණි බවත් රඹුක්වැල්ල මහතා කීවේය. මේ වන විට රටේ ආර්ථිකයේ යම් පිබිඳීමක් ඇතිව තිබෙන බව දේශපාලන වශයෙන් කුහකත්වයෙන් පෙළෙන්නන් හැර සෙසු සියලු ජනතාව පිළිගන්නා බවද ඒ මහතා කීය. වෛද්‍ය පීඨවලට බඳවා ගන්නා සිසු සංඛ්‍යාව තුන් ගුණයකින් පමණ ඉහළ දමා තිබෙන බැවින් ඉදිරි කාලයේදී මෙරට වෛද්‍ය හිඟය පහව යනු ඇතැයි ද සෞඛ්‍ය ඇමැතිවරයා පැවසීය.

අසේල කුරුළුවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here