Home Politics News Room : සෑම දරුවකුම ඉංග්‍රීසි බසින් සහ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කළ...

News Room : සෑම දරුවකුම ඉංග්‍රීසි බසින් සහ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2
0

මේ රටේ හැම දරුවකුටම ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබා දිය යුතු බවත් ඒ හරහා මේ රටේ දරු පරපුර දැනුමින් සන්නද්ධ කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටේ ලක්ෂ හතළිහකට වැඩි දූ දරුවන් වෙනුවෙන් නොමිලේ නිල ඇඳුම් දෙමින්, නොමිලේ දිවා ආහාරය දෙමින් අප්‍රමාණ මෙහෙවරක් කළ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ තිස් වන ගුණානුස්මරණය මැයි පළමුවැනිදාට යෙදී ඇති බව විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

ඒ නිමිති කොටගෙන පාසල් තිහක සුහුරු පන්ති කාමර ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා පැවසීය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 100 වන ජන්ම දිනය ලබන වසරේ එළඹෙන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ නිමිති කොටගෙන තවත් පාසල් සියයක “සක්වළ” වැඩසටහන ක්‍රියාත්මක කරන බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ තිස්සමහාරාම යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රක්ෂණ ශ්‍රියන්ත

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here