Home Politics News Room : රුහුණු විශ්වවිද්‍යාලයීය උපකුලපතිට එරෙහි චෝදනාවල නිර්දේශ ලැබෙන තෙක් බලා...

News Room : රුහුණු විශ්වවිද්‍යාලයීය උපකුලපතිට එරෙහි චෝදනාවල නිර්දේශ ලැබෙන තෙක් බලා සිටිනවා – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

5
0

රුහුණ විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සුජීව කේ. අමරසේන මහතාට එරෙහි චෝදනාවලට අදාළ නිර්දේශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලැබෙන තෙක් බලා සිටින බව සභානායක, අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

උපකුලපතිවරයාට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කර තිබෙන වාර්තාවට අදාළව ගන්නා ක්‍රියාමාර්ග කවරේ ද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතුකරන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා මෙසේ ද පැවසීය.

උපකුලපතිවරයකු පත් කිරීම සිදු කරන්නේ ජනාධිපතිවරයා විසින්. උපකුලපතිවරයකු ඉවත් කිරීමේ බලය විෂයභාර ඇමැතිවරයාට නැහැ. අදාළ උපකුලපතිවරයා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ලබා දී ඇති වාර්තාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත භාර දුන්නා.

උපකුලපතිවරයකු පත් කරන්නේ ජනාධිපතිවරයා. ඒ නිසා උපකුලපතිවරයකු ඉවත් කිරීමේ බලයක් ඇමැතිවරයාට නැහැ. උපකුලපතිවරයාගේ පාලනයට අදාළ යම් යම් කරුණු ගැන වාර්තා දෙකක් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මා වෙත භාර දුන්නා. එම වාර්තා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කළා. කොමිෂන් සභාවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ගවලට යනවා. එම නිර්දේශ අපේක්ෂාවෙන් සිටිනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here