Home Politics News Room : චණ්ඩි දමා බය කර ඡන්දය දිනුවේ ඉස්සර

News Room : චණ්ඩි දමා බය කර ඡන්දය දිනුවේ ඉස්සර

3
0

ජාජබ නායක අනුර කුමාර

චණ්ඩි දමා බිය කර ඡන්ද දිනුවේ ඉස්සර කාලේ බවත්, දැන් එම කාලය අවසන්ව ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ඒ මහතා එසේ පැවැසූයේ පෙරේදා (02) ජාතික ජන බලවේගයේ හලාවත ජන රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“දූෂණය තුරන් කර ජාතික නිෂ්පාදනයක් ඇති කරන නව ආර්ථික වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගයේ පාලනයකින් ඇති කරනවා. රට ගොඩනැඟීමේ දැක්ම සහ හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. ජාතික ජන බලවේගය මීටර් සීය දුවන්න ආ බවට විරුද්ධ පිරිස් සිතුවත් තම කණ්ඩායම පැමිණ තිබෙන්නේ මැරතන් එකක් දිවීමට. එම මැරතන් එකෙන් අපේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා.”

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here