අප දූපත් මානසිකත්වයෙන් මිදී ජාත්‍යන්තරය එක්ක සම්බන්ධතා ඇති කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙහිවලදී පෙරේදා (31) ප්‍රකාශ කළේය.
මගේ පියාණන් ආරම්භ කළ සිස්ටර් සිටි, බ්‍රදර් සිටි රිලේෂන්ෂිප් වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කිරීමට තමා යෝජනා කළ බවත්, එහිදී ඇතැම් අය ඊට විහිළු කළ බවත් හෙතෙම කීවේය. නාගරික හා ප්‍රාදේශීය බල ප්‍රදේශ විදේශිය රටවල පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධ කිරීම මේ වැඩපිළිවෙළ වන අතර, මෙය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන ලද්දක් බවද ඒ මහතා පැවසීය.
“මං මෙය යෝජනා කරද්දී ළිං මැඩියන් එය විවේචනය කළා; විහිළු කළා. විහිළු කරන අයට මා මතක් කර දෙන්න කැමැතියි සුනාමියෙන් පාසල් කීයක් විනාශ වුණාද කියලා. ඒවා නැවත හදන්න විදේශීය පාසල් කීයක් නම් මුදල් එකතු කරලා අපට එවුවද, අපි සුනාමියක් එන කල් ඉන්නෙ නැතිව අලුත් වැඩපිළිවෙළක් අලුත් දැක්මක් ඇතිව ක්‍රියාත්මක කළ යුතුයි. එවිට අපට භූමි කම්පා එන තෙක්, ගිනි කඳු එන තෙක් ඉන්න අවශ්‍ය නැහැ“ යි ද ප්‍රේමදාස මහතා පැවසීය.
සුභාෂිණි සේනානායක





