මන්ත්‍රී විජිත හේරත්
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට සත්‍ය වශයෙන්ම ආණ්ඩුව බියවී සිටින බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (28) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“මේ අවස්ථාවේදී මැතිවරණ කල් දමමින් ජනතා විරෝධය යටපත් කිරීමට ආණ්ඩුව සිතනවා නම් සිදු වන්නේ ඡන්ද කල් යන්න, කල් යන්න ජනතා විරෝධය වැඩි වීමක් පමණයි. IMF යෝජනා ක්‍රියාත්මක කරමින් ජනතාවට ජීවත්විය නොහැකි දැඩි පීඩාකාරී තත්ත්වයක් දිනපතා ඇති කරමින් පවතිනවා. ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු රජයේ ආයතන කුණුකොල්ලයට විකුණන්න පිඹුරුපත් සකසා අවසන්.”
උපාලි කරුණාරත්න





