මේ වනවිට සාමාන්‍ය වැසියන්ගේ වියදම් කිරීමේ හැකියාවට දරාගත නොහැකි අන්දමින් දුම්වැටි සහ මත්පැන් බදු ඉහළ නංවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අනෙකුත් භාණ්ඩ හා සේවාවලට සාපේක්ෂව මත්පැන් සහ දුම්වැටි බද්ද උපරිම බද්දක් අයකරමින් සිටින බවකි.
එමනිසාම මත්පැන් සහ දුම්වැටි ආදායම 30%ත් 40%ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවද අමාතවරයා පවසනවා.
බදු ඉහළ යාම හමුවේ මත්පැන් හා දුම්වැටි මිලදී ගැනීමේ ජනතාවගේ ක්‍රය ශක්තිය හීන වී ඇති බවද සියඹලාපිටිය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඒ අනුව ජනතාව නීත්‍යනුකූල නොවන මත්පැන් සදහා යොමුවී ඇතිද යන්න පිළිබදව ගැටලුවක් පැනනැගී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පසුගියදා විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.






