Home Local News Room : ආණ්ඩුවට ඡන්ද තියන්න වුවමනාවක් නෑ! වරප්‍රසාද කැඩුණේ මන්ත්‍රීවරුන්ගේ! ශ්‍රේෂ්ඨාධිකරණ...

News Room : ආණ්ඩුවට ඡන්ද තියන්න වුවමනාවක් නෑ! වරප්‍රසාද කැඩුණේ මන්ත්‍රීවරුන්ගේ! ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වරප්‍රසාද කමිටුවට කැඳවීමට කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ! VIDEO

9
0

ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකාංගය වන්නේ නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම වුවත් මැතිවරණ පැවැත්වීමට රජයට කිසිම උවමනාවක් නැති බව මහාචාර්ය ජී. එල් .පීරිස් කීය.

මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ක්‍රියාකලාපය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාවලට මැදිහත් වීම මගින් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු ප්‍රහාරයක් වන බවත් ,එය ආරක්ෂා කිරීමට විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් විසින් ඒකාබද්ධ නිවේදනයක් දැනටමත් නිකුත් කර ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම කිසිසේත් කිසිසේත් ඉඩ නොතබන බවත් පීරිස් මහතා පෙන්වා දුන්නේය.

අද(27) පෙරවරුවේ නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී පැවැති නිදහස් ජනතා සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here