ව්‍යවස්ථාදායක සභාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාගේ නම යෝජනා වී ඇතත් එම පත්කිරීම ක්‍රියාත්මක නොකර සිටීම වරදක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනකුගේ සාමාජිකත්වයක් තිබුණත් මේ වන විට 9 දෙනකු පමණක් සිටින බැවින් මෙම පත් කිරීම කඩිනමින් සිදු කරන ලෙසත් එසේ පත් නොකර සිටීම නරක පූර්වාදර්ශයක් ලබා දීමක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.






