Home Local News Room : ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගේ ගෙදර ඉදිරිපිට කට්ටියක් බෝඩ් උස්සයි!

News Room : ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගේ ගෙදර ඉදිරිපිට කට්ටියක් බෝඩ් උස්සයි!

8
0

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්නා වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස නීතිඥ සාලිය පීරිස් මහතා ඉදිරිපත්වීමට විරෝධය දක්වමිනි.

විරෝධතාකරුවන් පවසන්නේ, ‘හරක් කටා’ නමැති මෙම අපරාධකරුවා විසින් සිය ඥාතීන් ඝාතනය කර ඇති බවය.

ඒ, වෙනුවෙන් තමන්ට පොලීසියෙන් හෝ නීති මාර්ගයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් හිමිවී නොමැති බවද විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

එවැනි තත්ත්වයකදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ‘හරක් කටා’ වෙනුවෙන් ඉදිරිපත්වීම යුක්තිසහගත නොවන බවට විරෝධතාකරුවන් චෝදනා කරයි.

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ පුද්ගල ඝාතන 5ක්, කොල්ලකෑම් 6ක් සහ මහ පරිමාණයෙන් මුහුදු මාර්ගය හරහා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670කට අධික ප්‍රමණයක් මෙරටට එවීම සම්බන්ධයෙන් චෝදනා ලත් පොලීසියට අවශ්‍යව සිටි අපරාධකරුවෙකි.

මෙරටින් පැනගොස් විදෙස්ගතවී සැඟව සිටි මෙම අපරාධකරුව පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව පසුගිය 15 වනදා ඔහුව දිවයිනට රැගෙනආ අතර ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි විය.

මේ වනවිට එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා පරීක්ෂණ සිදුකරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here