Home Politics News Room : පුංචි ඡන්දය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

News Room : පුංචි ඡන්දය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

0
0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද(23) පැවැත්වීමට නියමිතය.

 

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වැනිදා සිට 31වැනිදා දක්වා සිදු කිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට දින නියම කර ගෙන තිබේ.

 

නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති බවයි.

 

කෙසේ වෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබාදීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බැවින් අදාළ දිනයන්වල මැතිවරණය පැවැත්වීම ගැටලු සහගතවී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here