Home Local News Room : ඊයේ මහ රෑ ටාජ් හෝටලයේ තීරණාත්මක සාකච්ජාවක්! රටවල් 12ක...

News Room : ඊයේ මහ රෑ ටාජ් හෝටලයේ තීරණාත්මක සාකච්ජාවක්! රටවල් 12ක තානාපතිවරු-රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් එකතු වෙයි! විපක්ෂනායකත් එක්ක විපක්ෂයේ සියලුම පක්ෂ නායකයනුත් එයි! මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය උදුරා ගැනීම ගැන කතා කරයි! සියලු දෙනාම එකඟතාවකට එයි! EXCLUSIVE PHOTOS & VIDEO

4
0

රටවල් 12 ක් නියෝජනය කරමින් සහභාගි වූ තානාපතිවරුන් ඇතුලු නියෝජිතයන් හා විපක්ෂයේ පක්ෂ නායකවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක්, විපක්ෂ නායත ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානනත්වයෙන් ඊයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාවේ  වර්තමාන තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මූලික අරමුණින් මෙම සාකච්ඡාව සිදුවිය.

විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම,, ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම,සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැනි කරුණු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.

ශ්‍රී ලංකාව ගොඩනැඟීම උදෙසා ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය කරන සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙස එහිදී විපක්ෂ නායකතුමා තනාපතිවරුන් ගෙන් ඉල්ලා සිටියේ ය.

විපක්ෂය විසින් කැදවූ මෙවැනි සාකච්ඡාවකට මේ ආකාරයකට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

එම අවස්ථාවට,පහත නම් සඳහන් තානාපතිවරු සහ නියෝජිත පිරිස සහභාගී වූහ.

  1. H.E. (Ms.) Sarah Hulton, High Commissioner, High Commission of United Kingdom in Sri Lanka
  2. H.E. Denis Chaibi, Ambassador, Delegation of the European Union in Sri Lanka
  3. H.E. Michael Appleton, High Commissioner, New Zealand High Commission in Sri Lanka
  4. H.E. (Ms.) Julie J Chung, Ambassador, Embassy of the United States of America in Sri Lanka
  5. Mr. Anouk Baron, Deputy Ambassador, Embassy of the Kingdom of the Netherlands in Sri Lanka
  6. Dr Francesco Perale, Deputy Head of Mission, Embassy of Italy in Sri Lanka  
  7. Mr Vinod Jacob, Deputy High Commissioner, High Commission of the Republic of India in Sri Lanka
  8. Mr. Katsuki Kotaro, Minister/Deputy Head of Mission, Embassy of Japan in Sri Lanka
  9. Ms. Lalita Kapur, Deputy High Commissioner, Australian High Commission in Sri Lanka
  10. Mr Aurélien MAILLET, Deputy Head of Mission, Embassy of France in Sri Lanka
  11. Mr Daniel Blood, Counsellor (Political), High Commission of Canada in Sri Lanka
  12. Mr. Ozaki Takeshi, First Secretary, Embassy of Japan in Sri Lanka.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here