පළාත් පාලන ආයතන හරහා ජනතාවට විශාල සේවාවක් වුවත් වත්මන් රජය පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල් දැමීම සහ එය නොතිබෙන තැනට කුමන්ත්‍රණය කිරීම තුළ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වන විට අධිකරණය මගින් අප්‍රේල් මස අග පැවැත්වෙන මැතිවරණය සඳහා මුදල් ලබා දෙන ලෙස පැවසුවත් එම මුදල් පවා මෙතෙක් නිකුත් කර නොමැති බවත් එහෙම තත්ත්වයක් තිබියදී වරප්‍රසාද ප්‍රශ්නයක් ඉස්මතු කර ගෙන අධිකරණයේ විනිසුරුවරුන් අපහසුතාවට පත් කිරීම අනුමත නොකරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ හපුහින්න ලේකම්වරයාගෙන් පවා පළි ගන්නා තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවයි.






