Home Local News Room : සහරාන්ගේ බිරියට කලින්ම ඇප ලැබුණා! දැන් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන...

News Room : සහරාන්ගේ බිරියට කලින්ම ඇප ලැබුණා! දැන් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක වූ සාරා ජෙස්මින්ට රටින් පනින්න උදව් කළ පොලිස් පරීක්ෂකටත් ඇප දීලා!

5
0

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජැස්මින්ට රටින් පලා යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක නාගූර් තම්බි අබූබුකර් මහතාට මඩකලපුව මහාධිකරණ විනිසුරුවරයා ඇප නියම කළේය.

නාගූර් තම්බි අබූබුකර් 2020.07.13 දින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ පුලස්තිනී පිළිබඳ තොරතුරු වසන් කර ඇයව ඉන්දියාවෙන් පලායාමට ඔහුගේ වාහනයට කැටුව යාමේ චෝදනාව මතයි.

මාස 9ක රැඳවුම් භාරයේ පසුවූ ඔහු කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

නාගූර් තම්බි අබූබුකර් සිය නීතීඥ සහ මානව හිමිකම් ක්‍රියාකාරික ඇටම් ලෙබ්බේ අසාත් හරහා මූලික අයිතිවාසිකම් අයදුම්පතක් ගොනු කළේ තමන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව පවසමිනි.

නාගූර් තම්බි අබූබුකර් මාස 32ක රැඳවුම් භාරයෙන් පසු ඇප මත නිදහස් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here