Home Local News Room : විනිසුරුවන් බය කරන්න පාර්ලිමේන්තුව ආයුධයක් කරගන්නයි යන්නේ! පැමිණිල්ලක් කරපු...

News Room : විනිසුරුවන් බය කරන්න පාර්ලිමේන්තුව ආයුධයක් කරගන්නයි යන්නේ! පැමිණිල්ලක් කරපු මන්ත්‍රී කෙනෙක් නෑ! විධායකය පාර්ලිමේන්තුව එක්ක බරපතළ සෙල්ලමක් කරනවා! ඒ මදිවාට සියත TV ලයිසන් එකත් කැන්සල් කරන්නයි හදන්නේ! VIDEO

4
0

ස්වාධීන තීරණ දෙන විනිසුරුවන් බිය ගන්වන්නට පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීම බළල් අත් සෙල්ලමක් දැයි සමගි ජන බලවේගයේ පත් පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙවැනි දේ විධායකය විසින් පාර්ලිමේන්තුව හසුරවන සෙල්ලමක්දැයි බාකීර් මාකර් මහතා විමසීය.

ස්වාධීන තීරණ දෙන විනිසුරුවන් බිය ගන්වන්නට පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීමට දරන උත්සාහයක් සිදුවෙමින් තිබෙන බවද මේ ක්‍රියාදාමය ආරම්භ වුණේ කොහොමදැයි කියා කවුරුත් දන්නේ නැතැයි ඉමිතියාස් බාකිර් මාකර් මහතා කීය.

රටේ ජනතාව වීදි බැස ඉල්ලූවේ ජරාජීර්ණ දේශපාලනයේ වෙනසක් යැයි කී බාකීර් මාකර් මහතා නමුත් තවමත් දකින්නේ ජරාජීර්ණ දේශපාලනයේ තෙම්පරාදු වූ දේශපාලකයන් තම පැවැත්ම ගැන පමණක් සිතමින් පිනුම් ගහන තත්වයක් නොවේදැයි ප්‍රශ්න කළේය.

මීට අමතරව බලධාරීන් විසින් මාධ්‍ය නිහඩ කර මර්දනය කිරීම සදහා සියත ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමට සූදානම් වන බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here