Home Local News Room : රනිල් පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කලින් IMF ගිවිසුම විපක්ෂනායක සජිත්ගේ...

News Room : රනිල් පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කලින් IMF ගිවිසුම විපක්ෂනායක සජිත්ගේ අතට එයි! රනිල් කියන කියන විදිහට අත උස්සන්න අපි ලෑස්ති නෑ! එදා ගෝඨා IMF එකෙන් අයින්වෙද්දි රතිඤ්ඤා පත්තු කරලා අත්පුඩි ගහපු කුජීත පොහොට්ටුවේ අයම අද IMF ගිහින් අත්පුඩි ගහනවා! සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි! VIDEO

0
0

මේ රටේ ලක්ෂ 220 කගේ ජීවිත සමඟ තමන් කිසිවිටකත් සෙල්ලම් නොකළ බවත්, ඔවුන්ගේ ජීවිත මරණයේ දොරටුව වෙත දක්කාගෙන යාමට කටයුතු නොකළ බවත් පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන් හමු වූ සෑම අවස්ථාවකදීම පවසා සිටියේ අපේ රටට උදව් කරන ලෙස බවද පැවසීය.

ඇතමුන් ඉතිහාසය තුළ දී රටට සහ රටේ ජනතාවට ද්‍රෝහි වූ ආකාරය මේ රටේ ජනතාව දන්නා බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය එවැනි සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාව නිරූපණය නොකළ බවද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කළ කොන්දේසි මොනවාදැයි දැන ගැනීමේ අයිතිය තමන්ට සහ රටේ ජනතාවට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා IMF යෝජනා පිළිබඳව එදා බැසිල් රාජපක්ෂගෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළ අයුරු ද සිහිපත් කළේය.

මුදල් කාරක සභාවට හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට තරම්වත් ශිෂ්ට සම්පන්න උවමනාවක් නැති ආණ්ඩුව විපක්ෂ සහාය ඉල්ලා සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යයි සඳහන් කිරීමට පවා බිය වූ පොහොට්ටුවේ පිරිස් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වහලුන් බවට පත්ව ඇතැයිද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here