Home Local News Room : මුදල් ලේකම්ට එරෙහිව මාලිමාවෙන් අපහාස නඩුවක් – Lanka Truth...

News Room : මුදල් ලේකම්ට එරෙහිව මාලිමාවෙන් අපහාස නඩුවක් – Lanka Truth | සිංහල

7
0

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන අධිකරණයට අපහාස කළැයි තීන්දු කර ඔහුට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.

ඒ පළාත් පාලන මැතිවරණය සඳහා 2023 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අවනත නොවීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විභාගයක් පවත්වා ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ අද (21) පස්වරුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here