Home Local News Room : ඡන්දෙට ඇප මුදල් බාර ගන්න එපා කියලා චක්‍රලේඛය ගහපු...

News Room : ඡන්දෙට ඇප මුදල් බාර ගන්න එපා කියලා චක්‍රලේඛය ගහපු නීල් වෙනුවට අලුත් නීල් කෙනෙක් එයි! චක්‍රලේඛය ගහපු නීල්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ තනතුරක්!

2
0

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නීල් රංජිත් අසෝක කලටුවගේ අද වැඩ භාර ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු මේ දක්වා එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළා.

මේ අතර මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ නීල් බණ්ඩාර හපුහින්න ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ධූරය සඳහා මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

පළාත් පාලන ඡන්දයට අදාළ ඇප මුදල් භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර යළි එය ආපසු කැඳවීමට ක්‍රියා කිරීම හේතුවෙන් නීල් බණ්ඩාර හපුහින්න ඉකුත් කාල සීමාව තුළ දැඩි කතාබහට ලක්වූ චරිතයක් බවට පත් වුණා.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here