Home Local News Room : දකුණු කොරියාවේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

News Room : දකුණු කොරියාවේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

1
0

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන් ම, ඉන් 82 දෙනෙකු තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් 19 දෙනෙකු ද සිටින බව ය.

මියගිය අයගෙන් වැඩි දෙනෙකු නව යොවුන් වියේ සහ 20 හැවිරිදි වියේ පසුවන්නන් බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

එම තත්ත්වය පාලනය කෙරෙන තුරු ශෝක කාලය ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි එරට ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබේ.

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ (ඔක්. 29) රාත්‍රියේ හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර මෙම අනතුර සිදු වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here