‘පොතුකබර’ රෝගය ලොව පුරා කොතෙක් පැතිර ඇත්දැයි කියනවා නම් ඒ වෙනුවෙන් දිනයක්ද වෙන් කර තිබෙනවා. ඒ සෑම වසරකම ඔක්තෝබර් 29දා. ලෝකයේම මිලියන 12කට අධික ප්‍රමාණයක් මින් මහත් සේ පීඩාවට පත්වෙලා. ලංකාවේ ජනගහනයෙන් 2%ක් විතර ව්‍යාප්තියක් තියෙනවා.
‘පොතුකබර’ නැතිනම් ඉංග්‍රීසියෙන් ‘සොරයිසීස්’ කියන්නේ චර්ම රෝගයක්. එහි මූලික හේතුව ජානමය එකක් කියලත් බටහිර වෛද්‍ය ක්රමයේ කියැවෙනවා. එය පාරිසරික හේතු මඟින් උත්තේජනය වී ශරීරයේ ඇති වන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ අසාමාන්‍ය සිදුවීමක් නිසා සමේ සෛල වේගයෙන් වර්ධනය වීමට පටන් ගන්නවා. ඒ සමඟම ඇති වන අසාත්මිකතාවක් හේතුකොට ගෙන සමේ රතු පැහැති ලප සහිතව සුදු පැහැති කොරපොතු මතුවීමක් වෙනවා. එය ඇතුළත ඉන්ද්‍රියයන්ටත් හානි කරවනවා.
බොහෝ විට මේ රෝගය වැඩිපුරම තිබෙන්නේ අවුරුදු 20ත් 50ත් අතර පුද්ගලයන්ටයි. මෙය ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයටම ඇති විය හැකියි. රෝගය ඇති වීම නිසා විවිධ සංකූලතා ඇති විය හැකිය. එනිසා ප්‍රතිකාර ඉක්මනින් සිදුකර ගැනීම අත්‍යවශ්‍යයි.
රෝග ලක්ෂණ ලෙස වියළී පොතු ගැලවී යෑම මුලින්ම සිදුවන අතර මෙය වියළි බව නිසාම වූවක් වශයෙන් ඇතැමුන් රැවටෙනවා. නමුත් එහි ප්‍රතිඵලය වන්නේ රෝගය තවදුරටත් වර්ධනය වී තිබීමයි.
සමේ ඇති වන පැල්මක් ලෙස හටගන්නා මෙම රෝගය රතුපාට ඉහළට එසැවුණු අනෙක් සමෙන් වෙන් වූ පැල්ලමක් එසේත් නැති නම් ලපයක් වශයෙන් පවතිනවා. රිදී පැහැති පොත්තක් ඇති වෙනවා. ප්‍රධාන වශයෙන් ශරීරයෙහි හිසෙහි මතුපිට මෙය ඇතිවන අතර දණහිස, වැළමිට ආදී ස්ථානවල පිට පැත්තේ මෙය හටගන්නවා. ඇතැම් විට පෙකණිය වටේ මෙන්ම ශරීරයේ පිටුපසත් ශරීරය පුරාමත් ඇති වෙනවා.
ඇතැමුන්ට කැසීම් ඇති වන අතර තවත් අයට එසේ වන්නේ නෑ. මෙය බෝ නොවෙන ආසාදිත රෝගයක්. පවුලේ අයට හෝ ළඟින් ඇසුරු කළ අයටත් හැදෙන්න නෑ.
මේ නිසා සමාජය තුළ මෙවැනි රෝගීන් පුදුමාකාර අසරණභාවයකට පත්වෙනවා. මානසිකව ඇදවැටෙනවා. බටහිර බෙහෙත්වලින් සුව නොවූ බොහෝදෙනා ලෙඩේ ගොඩාක් වැඩි වූ පසු අප සොයා පැමිණි වාර බොහෝමයි.
බොහෝදෙනා නොදන්නවා වුණාට පුරාණ ඉසිවරු මේ රෝගයට මේ මහපොළොවේ වැවෙන දුර්ලභ ශාකසාරවලින් ඔසු ප්‍රතිකාර කියාදී තියෙනවා. මේ රටේ ඒ පුරාණ ඉසිවරුන්ගේ දැනුම අනුව යමින් දේශීය ප්රතිකාරවලින් සුවපත් කරවන පරපුරක් සිටිනවා. ලෙඩේට හදිසි ප්‍රතිකාර කර සුව වන්නට හදන අයට කියන්න තියෙන්නේ එය ඉන්දියානු ඉසිවරුන්ගේ දැනුම හා මඟපෙන්වීම මත එසේ නොවන බවයි. රෝගයට හේතු සොයා නිසි ලෙස පිළියම් කළොත් නිට්ටාවටම සුව කළ හැකියි. එසේම රෝගියාගේ නිබඳ සහාය හා කැපවීමත් විශ්වාසයත් අත්‍යවශ්‍යයි.
සුලක්ඛන ජයවර්ධන
වෛද්‍ය
එච්.ඒ. හපුගස්පිටිය
චර්ම රෝග විශේෂ
055 5075285
077-9117602