රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව හා කාර්ය සාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs) හඳුන්වා දීමට යයි.
ඒ අනුව එම ආයතනවල කාර්ය සාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs / Key Performance Indicators) හඳුන්වා දීමට සූදානම් වේ.
රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මිනුම්දඬු සකස් කිරීමට ද සැලසුම් සකස් කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුවේදී මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව, පරිපාලන සේවය ඇතුළු අනෙකුත් දීපව්‍යාප්ත සියලු සේවාවන් එක් වී මේ පිළිබඳව ඉදිරි සතියේ සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුතු ඇරඹීමට ද මෙහිදී තීරණය විය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නියෝජනය කරමින් නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
- අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි