Home Local News Room : නෂ්ට කාමය-ක්ෂණික මෝචනය දුරු කර ඔබ නිරෝගී කරවන ඉපැරැණි...

News Room : නෂ්ට කාමය-ක්ෂණික මෝචනය දුරු කර ඔබ නිරෝගී කරවන ඉපැරැණි බෙහෙතක්

2
0

ඔෟෂධීය ගුණයෙන් සපිරි ඉතාමත් වටිනා ඔසුවක් තමයි “පෙරුන්කායම්” කියන්නේ. එය විද්‍යාත්මකව හඳුනාගැනෙන්නේ ආකෂ්ධීය බහු වාර්ෂික ශාකයක් ලෙස. උද්හිද විද්‍යාත්මක නාමය වන්නේ ferula asafoetida, යනුවෙන්. පෙරුන්කායම් ශාක විශේෂ රාශියක් තියෙනවා. නමුත් ඔෟෂධීය කටයුතුවලට ග්නනේ ferula rigidula, ferula rubricanlis, ferula alliances, ferula Narthex යන” විශේෂයි. මේ කියන, විශේෂවලින් රෙසින ගම් විශේෂය ලබාගත හැකියි.

පෙරුන්කායම් විවිධ රෝගාබාධ දුරුකර ගැනීම සඳහා ගැනෙනවා. ඉන් කිහිපයක් මෙහෙමයි.

උදරයේ වාතගතිය, පණු රෝග තත්ත්ව හා උද්දීපනමය බඩවැල් රෝග සඳහා දිනපතා ආහාරයට ගන්නා වෑංජනයකට හෝ හොද්දකට පෙරුන්කායම් ස්වල්පයක් එක් කර ගන්නවා. විකල්පයක් හැටියට පෙරුන්කායම් ස්වල්පයක් ජලයේ දියකොට එම ජලය දිනපතා පානය කිරීම ඉතා ගුණදායකයි.

එසේම ඇදුම, ශ්වසන අපහසුතා, බේ‍රාන්කයිටි්‍රස්, කැස්ස වගේ රෝග තත්ත්වයකදී පෙරුන්කායම් සතු, ප්‍රතිප්‍රදාහයික, ප්‍රතිබැක්ටීරියාමය, ප්‍රතිවයිරස් ගුණය ඉතා ප්‍රයෝජනවත් ඉඟුරු කුඩු, මී පැණි ස්වල්පයක් සමඟ මිශ්‍රකොට පරිභෝජනය කිරීම ඉතා ගුණයි.

අධි රුධිර පීඩනයටත් ගුණයි. එහි එන ‘කුමරින්’ නම් වු සංඝටකයෙන් එය බලවත්. රුධිරය තුනීකොට රුධිර සංසරණය පහසු කරවනවා. එයින් රුධිර පීඩනය අඩු කරනවා. රුධිරය කැටි ගැසීමට ඇති ඉඩකඩ අඩු කරනවා.

ඔසප් කාලයේ මාස් ශුද්ධි වේදනාවන්ටත් ඉතා ප්‍රතිඵලදායකයි. ඔසප් කාලයේ ඇතිවන වේදනා, මස්පිඩු පෙරැළීම් ආදියටත් ගුණයි. එය රුධිරය තුනී කොට රුධිර සංසරණය පහසු කරයි. වේදනාවන්ගෙන් සහනය ගෙන එනවා. පෙරුන්කායම් ස්වල්පයක් උළුහාල් කුඩු හා ලුණු ස්වල්පයක්, කිරිමෝරු කෝප්පයක් හා මිශ්‍ර කොට ඔසප් කාලය තුළ පානය කිරීම සහනයක් ගෙන දෙන්නක්.

ආහාර ජීර්ණයටත් ගුණදායකයි. ආහාර ජීර්ණය හා සම්බන්ධ ගැටලු සඳහා පෙරුන්කායම් යොදා ගැනෙනවා. පෙරුන්කායම් කුඩු කොට එයින් ස්වල්පයක් උණු වතුර සමඟ බොන්න. මෙය සතියක් විතර කරන්න. උදරයේ අසාමාන්‍යතා මඟ හැරෙන බවත්, කෑම රුචිය ඇති කරන බවත් ඔබට දැනේවි.

වටපණු ආසාදනයක් තියෙනවා නම් පෙරුන්කායම් හොඳ ඔෟෂධීය ක්‍රියාකාරී ඔසුවක්. ගෝනුසු විසක් තිබුණොත් පෙරුන්කායම් බුලත් යුෂින් අඹරා එහි ගාන්න. විස නැතිවේ. තවද සිරුරෙහි වන සුදු ලප මැකීමට පෙරුන්කායම් ස්වල්පයක් ගුළිකොට මී පැණි, ‍ෙදාඩම් බිකක් තුළ දමා පුච්චාගත් අළු මී තෙලින් අනා ගෑම ඉතාම ගුණයි.

තවද නෂ්ටකාමය ඇති අයටත් පුරාණ වෛද්‍යවරු මෙය භාවිතයට ගත්තා. පෙරුන්කායම් ග්‍රෑම් 6ක් පමණ ගිතෙලින් බැද මී පැණි හා නුග ගසේ නැවුම් කිරි තේ හැන්දක් සමඟ මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය දිනකට වරක් දින 40ක් හිරු උදාවෙන්නට පෙර ගත යුතුයි. ශුක්‍ර හීනතාවට හා ක්ෂණික මෝචනයට ඉතා ගුණ දෙන ප්‍රතිකාරයක්.

විජිත කේ. පතිරණ

(වෛද්‍ය මෘතය ඇසුරෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here