Home Sport News Room : නවසීලන්ත – ශ්‍රී ලංකා තරගය: කාසියේ වාසිය නවසීලන්තයට

News Room : නවසීලන්ත – ශ්‍රී ලංකා තරගය: කාසියේ වාසිය නවසීලන්තයට

1
0

2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද (ඔක්. 29) ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

මේ වන විට නවසීලන්ත කණ්ඩායම පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන රැදී සිටින අතර ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3කි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ලකුණු 2කට හිමිකම් කියමින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැදී සිටියි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here