Home Local News Room : තිහගොඩ සිද්ධියේ SI රිමාන්ඩ්

News Room : තිහගොඩ සිද්ධියේ SI රිමාන්ඩ්

3
0

මාතර, තිහගොඩදී වෙඩි වැදී දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උපපොලිස් පරික්ෂකවරයා නොවැම්බර් මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනගාරගත කර තිබේ.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනගාරගත කර ඇත.

ඔහු මේ වන විට වැඩ තහනමට ලක් වී සිටී.

මාතර, තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල ප්‍රදේශයේදී ඊයේ (ඔක්. 28) සවස පොලිස් නිලධාරීන් පිරිසක් සැක කටයුතු පිරිසක් පරීක්ෂා කිරීමේදී එම වෙඩි වැදීම සිදු වී තිබේ.

වෙඩි වැදීමෙන් වයස අවුරුදු 15ක දරුවෙකු ලැබූ අතර මේ වන විට ඔහු වැඩි දුර ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පෙර ලිපියනවසීලන්ත – ශ්‍රී ලංකා තරගය: කාසියේ වාසිය නවසීලන්තයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here