පළාත් පාලන ඡන්දය කල් දමන පෙරහරේ කසකරුවන් එළියට පැමිණ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඉරිදා ‘මව්බිම’ට පැවැසීය. පළාත් පාලන ඇමැති රොෂාන් රණසිංහ වෙත පසුගියදා නව ඡන්ද ක්‍රමයක් සහිත පළාත් පාලන මැතිවරණය වෙනස් කිරීමේ පනතක් භාරදුන් බවත් එය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් දිසානායක මහතා කීය.
“පළාත් පාලන ඇමැතිවරයාට නව ඡන්ද ක්‍රමයක් සඳහා මැතිවරණය වෙනස් කිරීමේ පනතක් භාරදුන් බව පසුගියදා වාර්තා වුණා. අමාත්‍යවරයා එම පනත කැබිනට් එකට ඉදිරිපත් කරන බව කිව්වා. මේ එන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කසකාරයන් බව පැහැදිලියි.
මීට පෙර ජනාධිපතිවරයාද මේ ගැන ප්‍රකාශ කර තිබුණා. ජනතාවගේ මතය එළියට පැමිණෙයි කියලා බියක් ඔවුනට තිබෙනවා. ඒ බිය හින්දම විවිධාකාර කුමන්ත්‍රණ හදලා මැතිවරණය කල් දැමීමටයි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා නිසි ජන වරමක් නොමැති ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ජනාධිපතිවරයෙක් සහිත ආණ්ඩුවක් මේක. මැතිවරණය හකුළන්න හදන මේ මාරාන්තික ක්‍රීඩාව වහාම හකුළා ගන්න කියලා රනිල්ට අපි බල කරනවා. ඒ වගේම ඡන්ද සිතියම හකුළන්න හදන මේ විනාශකාරී උන්මන්තක ක්‍රියාවට අත ගසන්නට අපි ඉඩ දෙන්නෙත් නෑලයැයි ද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.
අනුරාධා හේරත්