Home Local News Room : ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

News Room : ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

2
0

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එබැවින් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ය.

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

පෙර ලිපිය‘ප්‍රජා මුළුතැන්ගෙය’ වැඩසටහනෙන් 400කට දිවා ආහාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here