ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 3 වන දා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන්, සිය සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ටුබගස් ෆෙරිධනුසෙට්‍යාවන් යන මහත්ම මහත්මීන් අතර හමුවක් ඊයේ (ඔක්. 27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති අතර අතර එහිදී මේ බව සඳහන් කර ඇත.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ මෙන් ම ණය හිමියන්ගේ සමුළුව පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු වී තිබේ.
එම සාකච්ඡාවේදී අවධානය යොමු කළ කරුණු පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කර ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කඩිනමින් දැනුම් දීමට අපේක්ෂා කරන බව සාගල රත්නයක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට ප්‍රකාශ කර ඇත.
ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග ද එම සාකච්ඡාවට එක්ව සිටි තිබේ.