ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් විස්සයි 20 ක්‍රීඩක ශේර්ණිගත කිරීම් යාවත්කාලීන කර තිබූ අතර එහිදී එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබිණි. එසේම වනිඳු හසරංග ස්ථාන 3ක් පසුබැස තිබීමද කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබිණි.
ඒ අනුව ශේර්ණිගත ලකුණු 669කට හිමිකම් කියමින් මහීෂ් තීක්ෂණ 5 වැනි ස්ථානයට පත්ව තිබිණි. එසේ වුවත් ශේර්ණිගත ලකුණු 668කට හිමිකම් කියමින් වනිඳු හසරංග ස්ථාන 3ක් පසුබසිමින් 6 වැනි ස්ථානය දක්වා පසුබැස තිබිණි.
කෙසේ වෙතත් ශේර්ණිගත ලකුණු 702කට හිමිකම් කියන ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් තවමත් විස්සයි 20 පන්දු යවන්නන්ගේ ශේර්ණිගත කිරීමේ පෙරමුණ ගනිද්දී ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හැසල්වුඩ් එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි. තුන්වැන් ස්ථානයේ පසුවන්නේ ශේර්ණිගත ලකුණු 681කට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ තබේ්‍රස් ශම්සිය.
එසේම විස්සයි 20 පිතිකරණ ශේර්ණිගත කිරීමේ පැතුම් නිස්සංක තවදුරටත් 8 වැනි ස්ථානයේ පසුවෙයි. එහි පළමු ස්ථානය පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් හිමිකරගෙන ඇත. දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙළින් නවසීලන්තයේ ඩෙවොන් කොන්වේ සහ ඉන්දියාවේ සූර්යකුමාර් යාදේව්ට හිමිව තිබේ.
ගමිත දෙහිපිටිය