අද (ඔක්. 28) දින සිට දෙසැම්බර් 31 වන දා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා මෙරටට තිරිඟු පිටි ආනයනයට අවස්ථාව ලබාදෙන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අතර අද (ඔක්. 28) පැවති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර තිබේ.
එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබා දීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇත.
එහිදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීම සඳහාත්, තිරිඟු පිටි මිල පාලනය කිරීම සඳහාත් අවධානය යොමු වී තිබේ.