ප්‍රශ්නවලට බය නොවී රටේ අභියෝග භාරගත හැකි පිරිස සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බව එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසීය. ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා කීය.
විවිධ බොරු ප්‍රචාර යවා ජනතාව උසිගන්වන පිරිස් රට වෙනුවෙන් වගකීම් භාර ගැනීමට පෙරට නොඑන බවද හිටපු ජනාධිපතිවරයා පැවැසීය.
විවිධ බොරු ප්‍රචාර පතුරුවන පිරිස්වලට තමාට මතක් කරදීමට ඇත්තේ “පිස්සෝ කලබල වුණාට ෙදාස්තර කලබල නොවන බවට” ඇති පරණ කතාව බවද මහින්ද රාජපක්ෂ මහතා කීවේය. පුත්තලම ආරච්චිකට්ටුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඊයේ (27දා) මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවැසීය.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය