Home Local News Room : CID ස්ථානාධිපතිවරයාට නොතීසි – මව්බිම

News Room : CID ස්ථානාධිපතිවරයාට නොතීසි – මව්බිම

0
0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වෙත අද (ඔක්. 27) නොතීසි නිකුත් කර තිබේ.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පසුගිය වසරේ අධිකරණයට කරුණු වාර්තා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන පිළිබඳව අධිකරණයට කරුණු දක්වන්න ලෙස සඳහන් කරමින් අධිකරණය නොතීසි නිකුත් කර ඇත.

ඒ අනුව, එම කරුණු දැක්වීම නොවැම්බර් 10 වන දා සිදු කරන ලෙස දැනුම් දී තිබේ.

නීතිඥවරුන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එලෙස නොතීසි නිකුත් කර ඇත.

පෙර ලිපියකොළඹ ප්‍රදේශ රැසකට හෙට සිට අනිද්දා දක්වා පැය 12ක් ජලය කැපෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here