Home Local News Room : දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

News Room : දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

4
0

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (ඔක්. 27) පෙත්සමක් ගොනු කර තිබේ.

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතනක සාමාන්‍යාධිකාරිවරයෙකු විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

කෙටුම්පතේ ඇතැම් වගන්ති ඉවත් කිරීමට හෝ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ගොනු කර තිබේ.

තව ද යෝජිත පනත් කෙටුම්පත තුළින් යම් පුද්ගලයෙකු මාසිකව බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා අඩු කර ඇති බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

ඒ හරහා ගෙවාගත නොහැකි වන ආකාරයේ බදු බරක් මහ ජනයා මත පැටවෙන බව ත් ඒ තුළින් මහ ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්වන බව ත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

එමගින් අපනයන, දේශීය කර්මාන්ත, සංවර්ධන කටයුතු වැනි ක්ෂේත්‍ර අධෛර්යමත් කිරීමක් සිදුවන බව ද පෙත්සමේ සඳහන් කර ඇත.

පෙර ලිපිය2023 අයවැය එන දවස මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here