ලෝකයේ අඩු ම ආරක්ෂාවක් සහිත රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කර තිබේ.
Gallup's Law and Order Indexහි වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත. තලිබාන් පාලනය හමුවේ ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් බොහෝ සේ දක්නට ලැබෙන බැවින් එම රට අඩු ම ආරක්ෂාවක් ඇති රටක් ලෙස සලකන බව එම වාර්තාවල දැක්වේ. සමීක්ෂණ වාර්තාවේ ලකුණු 96ක් ලබා ගනිමින් සිංගප්පූරුව වඩා ත් ආරක්‍ෂිත රටක් ලෙස ශ්‍රේණිගත කර ඇත. රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව මත පදනම්ව රටවල් 120ක් පාදක කර ගනිමින් සමීක්ෂණයක් සිදු කර ඇති අතර එම සමීක්ෂණයට අනුව මෙම වාර්තාව එළි දක්වා ඇත.