අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙසට බල කිරීම සඳහා ඔවුන් එම විරෝධතාව සංවිධානය කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.