බදු රාජ්‍ය ආදායමේ ප්‍රධාන ප්‍රභවයක් වන්නා සේම, සමාජ මඟ පෙන්වන්නෙක් ලෙසද, අධෛර්යවත් කළ යුතු අංශ අධෛර්යවත් කිරීම සඳහාද යොදා ගැනේ. වර්තමාන රාජ්‍ය ආදායම උපයා ගැනීමේ අභියෝගයේදී ද රජය උපරිම ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කර ඇත.
ඒ අනුව පසුගිය අගෝස්තු 01 වැනිදා සිටම එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා පනවා තිබූ රුපියල් කෝටි 20ක් වූ වාර්ෂික බදු මුදල රුපියල් කෝටි 50ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇත. ඊට අමතරව මේ දිනවල පහත සඳහන් ඔට්ටු සහ සූදු සඳහාද බදු වැඩි කිරීමේ අරමුණින් ඔට්ටු සහ සූදු පනතද කඩිනමින් සංශෝධනය කිරීමට අරමුණු කෙරෙයි. ඒ අනුව කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ මට්ටමේ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කෙරෙන අතර, ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේදී ඩොලර් 200ක ගාස්තුවක් අය කෙරෙයි.
ඊට අමතරව වෙනත් ඔට්ටු හා සූදු සඳහා වන බදු මුදල් වැඩි කිරීමට ද අරමුණු කෙරෙයි. ඒ අනුව සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීම, පිරිවැටුම මත අය කෙරෙන 10%ක බද්ද අවම වශයෙන් 15% දක්වා වැඩි කිරීම, ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කිරීම, සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000/ සිට රුපියල් 75,000/ දක්වා වැඩි කිරීම ආදිය ක්‍රියාත්මක කිරීමට නියමිත
අතර, මේ සියල්ලටම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක්ද අය කෙරේ. මීට අමතරව සුරා සහ දුම්කොළ බදු පිළිබඳව අවධානය යොමු කිරීමේදී මද්‍යසාර බෝතලයකට අවම වශයෙන් 75%ක බද්දක් සහ දුම්වැටියකින් 85%කට ආසන්න බද්දක් අය කෙරෙන අතර, අවසානයේ එම ආයතනවල ලාභයෙන් ද 40%ක ආදායම් බද්දක් අය කරනු ලැබේ.
ළහිරු ධනංජය පෙරේරා